බටහිර වෛද්‍යාධාර සැපයීම

2015 අගෝස්තු 01 වන දින විවෘර්ත වන, ගිලන් කුටි 25 යුත් බටහිර ප‍්‍රතිකාර ගොඩ නැගිල්ල තුළ ඔසුසලක් (නොමිලේ* වෛද්‍ය කාමර, හදිසි ප‍්‍රතිකාර ඒකකයක් වැනි කොටස් ඇතුලත් ගිලන් භික්‍ෂූන් වහන්සේලා සුවපත් කිරිමේ අරමුණින් නිර්මානය කොට ඇත.

  • දිනකට තුන් වතාවක් විෂබීජ නාශක භාවිතා කොට සෑම කුටියක් ම පිරිසිදු කිරිම. දිනපතා සිවුරු ඇ`ද ඇතිරිලි ආදිය තම්බා සෝදා මාරු කිරිම.
  • දිනපතා වෛද්‍යවරුන් ගෙන්වා භික්‍ෂූන් වහන්සේලා පරික්‍ෂා කිරිම.
  • ඊන්සියුලින් ලබාදීම.

සනීපාරක්‍ෂක කටයුතු ස`දහා පලපුරුදු සේවකයින් 12 දෙනෙකු පමණ වැටුප් ගෙවා භික්‍ෂූන් වහන්සේලාට උපස්ථාන කිරිම ස`දහා බ`දවා ගැනේ. රෝහලක කටයුතු කරන ආකාරයෙන් පවත්වාගෙනයාම පිණිස ශීල සුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි සැලසුම් කර ඇත.


මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම ස`දහා මසකට ලක්‍ෂ 5 අධික මුදලක් මාසිකව වැය වෙතැයි අපේක්‍ෂා කෙරෙන අතර, අනපේක්‍ෂිත ලෙස භික්‍ෂූන් වහන්සේලාගේ ශෛල්‍ය කර්ම ආදී කටයුතු සිදු කිරිමට උවහොත් ඒ ස`දහා යන වියදම් ද භික්‍ෂූන් වහන්සේ නමකගේ අපවත් වීමකදී ආධාහන කටයුතු ද සීල සුව අරණ මගින් සිදු කිරිමට සැලසුම් කොට ඇත.


ගෞතම බුදු සසුනේ ශීලාදී ගුණ දරණ පිංවත් භික්‍ෂූන් වහන්සේලා ගිලන් වූ කල නොමිලේ වෛද්‍ය ආධාර ලබාදීම පූජ්‍ය ගලිගමුවේ ඤාණාදීප හිමියන් ආරම්භ කල මෙම ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානය පවත්වාගෙන යාම පිණිස මාසිකව දායක මුදලක් පරිත්‍යාග කල හැකිවේ. එය ආයථනයේ පැවැත්ම ස`දහා මහ`ගු පුණ්‍ය කර්මයක වන ඇත.
පිං කැමති ඔබට පහත දුරකථන ඔස්සේ තොරතුරු විමසා ඔබගේ මූල්‍ය ආධාර පහත ගිණුම් වෙත ලබාදිය හැක.

  • 034 572 579 5
  • 071 86 710 86
  • 011 5 753 987

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.



Contacts

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  +94 115 753987
  +94 718 671086
 Sri Sadaham Padanama, Thisara Mawatha, Athurugiriya.