ශීල සුව අරණ වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු...

  

ශීල සුව අරණ යනු ගිලන් ශිල්වත් භික්‍ෂූන් වහන්සේලා සුවපත් කරන ආරණ්‍යකි. පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ සංකල්පයක් මත ඉදිකරගෙන යනු ලබන මෙම ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානය තුළ ගිලන් වූ භික්‍ෂූන් වහන්සේලා ස`දහා ඉතා කාරුණික ලෙස වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දෙමින් උන්වහන්සේලා රැුකබලා ගැනීම ශල්‍ය වෛද්‍ය පහසුකම් සපයා දීම සිදුකරණු ලබයි. 

ඉතා දුෂ්කර ප‍්‍රදේශ වල වැඩසිටින ගිලන් වී රෝගාතුරව කිසිවෙකුගේ හව්හරණක් නොමැති අසරණව සිටින ශිල්වත් ස්වාමින් වහන්සේලා ශීල සුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානය වෙත ඇතුලත් කොටගෙන සියලු වෛද්‍ය ප‍්‍රතිකාර කරන්නේ සැදැහැවතුන්ගේ උදව් උපකාර මතය. යම්හෙයකින් ගිලන් භික්‍ෂුන් වහන්සේනමක් අපවත් වීමේ අවස්තාවක දී පවා අප ආයථනයේ වියදමින් ආදාහන කටයුතු සිදුකිරිමට පවා සැලසුම් කොට ඇත.

ගිලනුන්ට උපස්ථාන කිරිම ලොව්තුරා බුදු වරයෙකුට උපස්ථාන කලා වැනිය යන බුදු වදනට අනුව ආරම්භ කරන ලද මේ මහා පුණ්‍ය තෝතැන්න වෙත ඔබටත් හැකි ඕනෑම අයුරකින් සහයෝගය ලබා දිය හැක.

වෛද්‍ය උපකරණ පරිත්‍යාග


පිං කැමති ඔබටත් අප සමග එක්වී මෙම සත්කාරයට දායකත්වය දැරීමට හැක. මේ සඳහා හැකියාව අැති පරිදි වෛද්‍ය උපකරණ, ෙඖෂධ පරිත්‍යාග කිරීමට පුලුවන. (වැඩි විස්තර)

ආයුර්වේද වෛද්‍යාධාර සැපයීම


බටහිර වෛද්‍ය ක‍්‍රමයට අමතරව දේශීය ආයුර්වේද ක‍්‍රමවේදය අනුගමනය කරමින් ගිලන් භික්ෂූන් වහන්සේලාගේ රෝගාබාදයන් සුව කිරීම සඳහා වෛද්‍යාධාර මෙන්ම ෙඖෂධ ... (වැඩි විස්තර)

බටහිර වෛද්‍යාධාර සැපයීම


ඔබ වෛද්‍යවරයෙක්ද? උපස්ථායකයෙක්ද? නැතිනම් බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් අපවෙත කුමන හෝ දායකත්වයක දිය හැකි පුද්ගලයෙක්ද? එසේනම් අප ආශ‍්‍රමයේ භික්ෂූන් වහනසේලාට... (වැඩි විස්තර)

 

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.



Contacts

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  +94 115 753987
  +94 718 671086
 Sri Sadaham Padanama, Thisara Mawatha, Athurugiriya.